2024 වසරේ පමණක් ක්ෂය රෝගීන් 9,200ක්

පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් (tuberculosis) 9,200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම පිරිස අතර පිරිමි රෝගීන් 5291 ක් සහ කාන්තා රෝගීන් 3259 ක් සිටිනවා.

එමෙන්ම, ළමා රෝගීන් ද 250ක් ද හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අ අමාත්‍යංශය සඳහන් කරන්නේ.

වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන්.

2035 වන විට මෙරට ක්ෂය රෝගීන් ප්‍රමාණය සියයට 90කින් අඩු කර ගැනීමට සහ ක්ෂය රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය සියයට 95කින් අඩු කරගැනීම සිය අපේක්ෂාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

සති දෙකකට වැඩි කාලයක් පවතින කැස්ස, මද උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරූචිය, රාත්‍රීයට දහඩිය දැමීම, අධික තෙහෙට්ටුව සහ හතිය ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වනවා.

බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වන මෙම රෝගය මිනිසාගෙන් මිනිසාට සොටු, කැස්ස සහ සෙම හරහා බෝ විය හැකි වනවා.