වගා හානි සිදු කරන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයේ වාර්තාව අද(28) ලැබීමට නියමිතව තිබෙනවා.
අදාළ සංගණනයට අනුව එම සතුන් කළමනා කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමු වරට ක්‍රියාත්මක කළ සත්ත්ව සංගණනය පසුගිය 15 වැනිදා දිවයින පුරා පැවැත්වුණා.
එහි දී නිවසට විනාඩි පහක් පමණ කාලයක දී පැමිණෙන රිලවා, වඳුරා, දඬුලේනා සහ මොණරා යන සතුන් සංගණනයට ලක් කෙරුණා.
මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති හමුවකට එක් වෙමින් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රක්කයේ පමණක් වගාවට හානි කරන සතුන් මිලියනකට අධික සංඛ්‍යාවක් ගණනය වී ඇති බවයි.

