දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එසේම ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබේ.

ඒ අනුව 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968 යන දුරකථන අංක ඇමතීමෙන් අවශ්‍ය සහය ලබා ගත හැකි වනවා.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් තිබෙනවා.

එම ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.