දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් කිසිදු මුදල් එකතු කිරීමක් නැහැ

ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ව්‍යාජ දැන්වීමක් පිළිබදව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු‍ පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බවයි.

දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති පුද්ගලයෙකුට ආධාර ලබාදිය හැකි බවත්, මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවත්, පවසමින් සමාජ ජාල ඔස්සේ මේ දිනවල ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන්නේ, මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවයි.

දළඳා මාළිඟාව විසින් නිකුත් කරන ලද ෆේස්බුක් පණිවිඩය පහතින්,