කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට නියෝග කර තිබෙනවා.
කාර්නි සිය ධුරයට පත්වීමෙන් සති දෙකකටත් වඩා අඩු කාලයක් තුළ මෙලෙස මැතිවරණයක් පැවැත්වීම විශේෂත්වයක් වනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාධාරණ වෙළඳ ක්‍රියාමාර්ග සහ කැනඩාවේ ස්වෛරීභාවයට ඔහු එල්ල කරන තර්ජන හේතුවෙන් මෙලෙස කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ.
සභිකයින් 343 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇති.

