හැටන් බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් තුවාල ලැබූ ගණන ඉහළට

හැටන් ඩයගම මාර්ගයේ “පොඩයිස්වත්ත” එන්සි කොටසේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන් අද (02) අලුයම සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ පාසැල් ළමුන් ඇතුළු පුද්ගලයින් සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබුවන් දික්ඔය හැටන් රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

තුවාල ලැබූවත් අතර සිටි පාසැල් ළමුන් සංඛ්‍යාව 30කි.

බරපතළ තත්ත්වයේ පසුවූ පාසැල් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කළේය.

මාර්ගයේ පවතින දැඩි අබලන් තත්ත්වය හේතුවෙන් බස් රථය පාලනය කරගත නොහැකිව අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළි තිබූ බව වාර්තා වෙයි.