වාර්ෂිකව මෙරටින් වාර්තාවන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
එහි අධ්යක්ෂ විශේඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවේ, මේ වන විට මෙරටින් වසරකට පිළිකා රෝගීන් 3500ක් පමණ වාර්තා වන බවය.
පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන්ගෙන් වැඩිපිරිසක් වයස අවුරුදු 50 ඉක්ම වූ කාන්තාවන් බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දෛනිකව පියයුරු පිළිකා වැළඳුන රෝගීන් දස දෙනෙකු හඳුනාගෙන ඇති බව ද විශේඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
ලෝක පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තොම්බර් මාසය නම් කර තිබේ.
ඒ අනුව පියයුරු පිළිකා පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක බව විශේඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවාය.

