සිංහල සහ හින්දු අලුත් අවුරුද්දත් දැන් ළඟ ලඟම එනවා නේ. ඉතින් මේ අලුත් අවුරුද්දට ඔයාගේ අතින්ම කෑම මේසයට තියන්න හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කවුරුත් ආසාවෙන් කන දෙයක් තමයි කොකිස්.
ඉතින් අපි බලමු කොකිස් හදන්න මොනවද ඕනි කියලා.
මේ රෙසිපි එකේ දී අපි බිත්තර එකතු කර ගෙන තියෙනවා. ඒකෙන් කොකිස ලේසියෙන් අච්චුවෙන් ගලවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා බිත්තර කන්න අකමැති කෙනෙක් නම් මේකට බිත්තර එකතු කර ගන්නේ නැතුව ඉන්න පුළුවන්.
- කැකුළු හාල් පිටි 500g
- උකු පොල් කිරි කෝප්ප 02
- බිත්තර – 01
- කහ කුඩු – මේස හැඳි ½
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- පොල්තෙල්
- කහ කුඩු – ½ tsp (Optional)
සාදන ක්‍රමය
- මිටි කිරි ටිකට බිත්තරයක් කඩලා දාලා හොඳට කලවම් කරගන්න.
- බිත්තරය සමග හොඳට කලවම් වුණාට පස්සේ ලුණු ටිකක් දාන්න. ඔබ කැමතිනම් මේ මිශ්‍රණයටම කහ කුඩු ටිකකුත් දාන්න.
- ඔයාලට අවශ්‍ය නම් තවත් බිත්තරයක් මෙම මිශ්‍රණයට කඩල දාන්නත් පුළුවන්. එතකොට අතිරේක රසයක් එකතු වෙනවා.
- සාදා ගත් පොල් කිරි මිශ්‍රණය ටිකෙන් ටික පිටි මිශ්‍රණයට එකතු කරමින් හොඳින් අනාගන්න. හොඳින් මතක තබාගන්න පොල් කිරි මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකපාර දමන්න එපා. ටිකෙන් ටික දමා ගනිමින් හොඳින් අනන්න.
- තාච්චියක් ගෙන එය ලිප තබා තෙල් දමා රත් වෙන්නට හරින්න. රත් වූ තෙලේ කොකිස් අච්චුව විනාඩි 5ක් පමණ දමා තබන්න.
- කොකිස් අච්චුව සාදාගත් පිටි මිශ්‍රණයට දමා ( අච්චුව සම්පූර්ණයෙන් නොවැසෙන සේ) තෙල් තාච්චියෙන් තියන්න.
- මෙහිදී කිසිම විටක අච්චුව තෙල් තාච්චියේ අඩියේ ගාවන්න එපා. එහෙම වුණහම කොකිස් වල අඩිය පැතලි වෙලා කැතට පේනවා.
- කොකිස් එක අච්චුවෙන් ගැලවෙන්න හදන බව පෙනෙන විට තෙල් කූරක් ගෙන එය අච්චුවෙන් ඉවත් කරන්න.
- මේ ආකාරයට කොකිස් දෙක තුනක් උයලා බලන්න. එවිට ඔබට අඩුපාඩු දැනගන්න පුලුවන් වෙනවා. කොකිස් වල ඝනකම වැඩි නම් තව පොල්කිරි ටිකක් එකතු කරන්න. ලුණු රසය මදි නම් ලුණු ද එකතු කරන්න.
- මුල් ටිකේ ටිකක් ගැලවෙනවා අඩුයි වගේ වුණත් හරි පදමට ආවම හොඳට ගැලවෙන්න ගන්නවා.
- රන්වන් පාටට කොකිස් බැදෙන විට තාච්චියෙන් ඉවතට ගන්න.
මතකය තබා ගත යුතු කරුණු කිහිපයක්:
- කොකිස් හදන අතරතුර පිටි මිශ්‍රනය වරින්වර කලවම් කරන්න.
- අච්චුවේ පිටි මිශ්‍රනය තැවරෙන්නේ නැත්නම් ඒ කියන්නේ අච්චුව රත්වෙලා වැඩියි. ටිකක් නිවෙන්න තියලා නැවත පිටි මිශ්‍රණයට දාන්න.
- තෙල් තාච්චියට අච්චුව දැමූ සැණින් ඔසවන්න එපා. එවිට කොකිස් වල හැඩය වෙනස් වෙනවා.


