බිත්තර මිල පාලනය කිරීම සඳහා තුර්කියෙන් සහ දකුණු කොරියාවෙන් බිත්තර ආනයනය කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කෙටි කාලීන පියවරක් ලෙස එම රටවලින් බිත්තර මිලියන සිය ගණනක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවයි ඇමරිකාවේ කෘෂිකර්ම ලේකම් බෲක් රෝලින්ස් ධවල මන්දිරයේදී පවසා ඇත්තේ.
කුරුළු උණ පැතිර යාමට හේතුවෙන් එරට කුකුළන් මිලියන ගණනක් මරා දැමීම සිදු වීම හේතුවෙන් එරට බිත්තර නිෂ්පාදනය පහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් පසුගිය වසර තුළ බිත්තරවල මිල 65% කට වඩා වැඩි වී ඇති අතර 2025 දී එය 41% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් ට්රම්ප් විසින් මෙලෙස බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

