පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ කටයුතු අද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, ඡන්ද පත්‍රිකාවලට අදාළ විස්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලැබෙන පිළිවෙල අනුව මුද්‍රණාලය වෙත යොමු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසන්නේ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවත්වීමට නියමිතයි.

