මේ දිනවල දකුණු කොරියාවේ ගිනිකොන දිග ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව එරට තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
එම ප්‍රදේශවල වෙසෙන ලාංකිකයින් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.
දැනට දකුණු කොරියාවේ සිටින ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 ක් පමණ වනවා.
දකුණු කොරියාවේ ගිනිකොණ දිග ප්‍රදේශවල ව්‍යාප්තවන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

