විධිමත් සහ නව තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් අද (22) හඳුන්වා දෙනු ලැබුවා.
EC EDR නම් මෙම ජංගම දුරකථන යෙදවුම දැන් Apple App store සහ Google Playstore වෙතින් බා ගත කළ හැකි වනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා,
“මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක හරහා එය ඉදිරිපත් කරන්න. පැමිණිල්ල කරපු පුද්ගලයාටත් දැනගත්ත පුළුවන් එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා. මේ ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවත් තිබෙනවා.”

