2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් මෙම තීරණයට මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් රජයට සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක් අතරතුර දී උන් වහන්සේ මේ බව සඳහන් කර ඇත.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් සිරිවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු 40කට අධික රාජ්‍ය ආයතන නියෝජන කරන වගකිවයුතු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි සඳහන් වෙන්නේ.

