Tesla විසින් Cybertruck රථ 46,000ක් නැවත කැඳවයි

Tesla සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපදය පුරා වූ Cybertruck රථ 46,000ක් නැවත කැඳවා තිබෙනවා.

2023 නොවැම්බර් 13 සිට 2024 පෙබරවාරි 27 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද සියලුම Cybertruck වාහන මෙසේ ආපසු කැඳවන බවයි සඳහන් වෙන්නේ.

මෙම වාහනවලින් සෑම සියයකින් එකක් පමණක් දෝෂ සහිත වුවද, ආරක්ෂාව සලකා සම්පූර්ණ වාහන කාණ්ඩය ආපසු කැඳවීමට තීරණය කර ඇති බවයි ඇමෙරිකාවේ ජාතික මාර්ග ආරක්ෂණ අධිකාරියට (NHTSA) ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ.

ඒ අනුව මෙලෙස කැඳවන ලද වාහන වල ගැටලුව ලෙස හඳුනා ගෙන ඇති පිටත ඇති ආලංකාර පැනලය නොමිලේ ප්‍රතිස්ථාපනය කර නැවත එම වාහන හිමිකරුවන්ට භාර දෙනු ඇත.

මෙය මෙතෙක් Cybertruck රථය සඳහා සිදුකළ 8 වැනි ආපසු කැඳවීම වෙනවා.