2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙනවා.
පිළිගත් දේශපාලන පක්ෂ 107 කින් හා ස්වාධීන කණ්ඩායම් 49 කින් මෙම පිරිස ඉදිරිපත් වී තිබෙනවා.
ඉන් සභිකයින් 8,500කට ආසන්න පිරිසක් පමණක් පළාත් පාලන ඡන්ද විමසීම හරහා තෝරාපත් කර ගැනෙනු ඇති.
මේ අතර ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්ර රැසක්ද ප්රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙනවා.
පළාත් පාලන මැතිවරණය ලබන මැයි 06 වනදා පැවැත්වීමට නියමිතයි.

