ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) පුහුණු ගුවන් යානයක් වාරියපොල ප්‍රදේශයේදී කඩා වැටී ඇතැයි ගුවන් හමුදා ප්‍රකාශකවරයා පවසනවා.
චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයක් ලෙස හඳුනාගෙන ඇති මෙම ගුවන් යානය පුහුණු මෙහෙයුමක යෙදී සිටියදී හදිසියේම රේඩාර් සම්බන්ධතා නැති වී පසුව වාරියපොල මිනුවන්ගොඩ ප්‍රදේශයේ කඩා වැටි තිබෙනවා.
නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට පැන පැරෂුටයක ආධාරයෙන් ගොඩ බැස ගෙන තිබෙනවා.
ඔවුන්ට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් එම ජෙට් යානය ගිනි ගෙන විනාශ වී තිබෙනවා

