අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.80 සිට රු. 292.18 දක්වා සහ විකුණුම් මිල රු. 300.31 සිට රු. 300.68 දක්වා ඉහළ ගොස් තිබේ.