දේශීය ආදායම් පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වෙයි

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්වුණා.

එහි දී කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා.