2024 වසරේ 5% ක සමස්ත ආර්ථික වර්ධනයක්

2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2024 සිව්වන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදන ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබෙනවා.

අලුත් වූ සාර්ව ආර්ථික ස්ථාවරත්වය මධ්‍යයේ මෙලෙස ශක්තිමත් පරිවර්තනයක් වාර්තා කරමින් ඇති බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.