තැපැල් වර්ජනයෙන් ලිපි – පාර්සල් ලක්ෂ 10ක් ගොඩ ගැසෙයි

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 10ක් පමණ සිරවී ඇතැයි වාර්තා වෙනවා.

කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සිරවී ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන්.

තැපැල් වෘත්තීය සමිති සිදු කරන මෙම වර්ජනයෙන් ලිපි හා පාර්සල් බෙදාහැරීම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්යාල අනුබද්ධ සියලුම සේවාවන් ඇණහිට තිබෙනවා.