ජනවාරියේ දුප්පත් නොවී ඉන්න අවශ්‍ය අවම මුදල මෙන්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.

අදාළ සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025 ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇත.

එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී තිබූ අගය වන රු. 16,191 ට වඩා 0.88%ක වැඩිවීමකි.

2025 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන  පුද්ගලයෙකුට රු. 17,617 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ලබනවා.

එය දරිද්‍රතා රේඛා සටහනේ ඉහළම අගය වනවා.

එසේම එහි අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,618 කි.