කැනඩාවේ නව අගමැති ලෙස Mark Carney දිවුරුම් දෙයි

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි Mark Carney දිවුරුම් දී තිබෙනවා.

ඒ වසර 10කට ආසන්න ධූර කාලයක් අවසන් කරමින් ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.

ඒ අනුව ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් විය.

ටෲඩෝගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 30 කට වඩා සිටියද, කාර්නි එහි ආසන සංඛ්‍යාව 24 දක්වා අඩු කර තිබීම විශේෂත්වයක්.

ඔහුගේ කැබිනට් මණ්ඩලය ද මෙහි දී දිවුරුම් දෙනු ලැබූ අතර එයට පරණ කැබිනට් සාමාජිකයන් මෙන්ම නවක සාමාජිකයන් ද ඇතුලත් කර තිබෙනවා.