සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත්කිරීම සඳහා පමනක් අද උදෑසන  8.30 සිට දහවල්  12.30 දක්වා කාර්යාලය විවෘතකර තබන තබනු ඇත.

මේ සඳහා බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ද අද දහවල් 12.30 දක්වා විවෘත කර තැබෙනු ඇත.

එසේම අදාළා ලිපිය http://www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද අවස්ථාව ලබා දී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසයි.