අට හැවිරිදි දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බංගලාදේශයේ රටපුරා විරෝධතා මතු වී තිබෙනවා.
BBC වාර්තා කරන්නේ, අදාළ සිදු වීමෙන් පසුව දරුණු තුවාල ලැබූ එම දැරියව රෝහල් ගත කර ඇති අතර එහි දී දින හයකට පසු ඇය ජීවිතක්ෂයට පත් වුණු බවයි.
මෙම සිද්ධියට සැකපිට එම දැරියගේ වැඩිමහල් සහෝදරියගේ 18 හැවිරිදි සැමියා සහ ඔහුගේ පවුලේ අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
දූෂණයට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීම කඩිනම් කරන ලෙසත්, කාන්තාවන් සහ ළමා ආරක්ෂාවට අදාළ නීති ප්‍රතිසංස්කරණය කරන ලෙසත් ඉල්ලමින් එරට ජනතාව විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙනවා.
දූෂණ සහ මිනීමැරුම් නඩුවේ නඩු විභාගය ඉදිරි දින හත තුළ ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන බවයි නීති උපදේශක අසිෆ් නස්රුල් සඳහන් කර ඇත්තේ.

