ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් මෙවර සුදුසුකම් ලබා සිටිනවා.
වසර 24කට පසු මෙම ශූරතාවලිය සඳහා මෙරටින් සහභාගී වන වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාව සහභාගී වන්නේ මෙම වසරේදීයි.
චමෝද් යෝධසිංහ මීටර් 60 ධාවන ඉසව්ව සඳහාත්, කාලිංග කුමාරගේ මීටර් 400 ධාවන ඉසව්ව සදහාත්, කවීෂ බණ්ඩාර මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්ව සඳහාත් සුදුසුකම් ලබා තිබෙනවා.
21වන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය චීනයේ සත්කාරකත්වයෙන් 21වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වෙනවා.

