ලෝක වකුගඩු දිනය මේ වසරේ අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වනුයේ ‘ඔබේ වකුගඩු හොඳින්ද? – කලින් හඳුනා ගන්න, වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කරන්න’ යන්නයි.
දිනකට මෙරට වකුගඩු රෝගීන් පස් දෙනෙකු මිය යන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පෙන්වා දෙනවා.
2023 වසරේ දත්ත සලකා බලන විට මෙරට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්රිත රෝහල් ගතවීම් 213,448ක් සහ මරණ 1626ක් වාර්තා වී තිබෙනවා.
2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ සංඛ්‍යාව 6,582ක් වන අතර, 2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංගඛ්යාව 1000ක්.
එසේම දැනට මෙරට සිටින වකුගඩු බද්ධ කළ රෝගීන් සංඛ්‍යාව 300ක් පමණ වන බව සදහන්.

