පළාත් පාලන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය මාර්තු 17 දා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබෙනවා.
තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම දීර්ඝ කිරීම සිදුකර තිබෙනවා.
එසේම එම දිනයට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පුර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවද එම මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
ඒ අනුව සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයතුම්පත්ර තැපෑලට භාර දීමෙන් වැළකී දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන ලෙසද මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

