අද කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ලකුණු 150.57කින් ඉහළ ගොස් ඒකක 15,861.14ක් ලෙස සටහන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 0.96%ක ඉහළ යෑමක් වනවා.

ඒ අනුව අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන් වනවා.