මේ උදා වී ඇත්තේ සාහිත්‍ය මාසයයි. බක් මහේ අවුරුදු සැණකෙලියට සූදානම් වෙනවා මෙන් ඇතැමුන් සාහිත්‍ය මාසය උදාවන තුරු සිටින්නේ සාහිත්‍ය රසයෙන් පිරි මංගල්‍යයක අසිරිය විදගන්නටය. තව නොබෝ දිනකින් ආරම්භ වන ජාත්‍යන්තර පොත් සල්පිලෙහි සැරි සරන්න නොඉවසිල්ලෙන් බලා සිටින තොරතුරු පිපාසයෙන් පෙළෙන්නා වූ අතිමහත් පාඨක ජනතාව පොත් සල්පිලෙහි රසය අත්දැකීම් බෙදාහදා ගන්නට දැනටමත් සූදානම් වී සිටී. අන් කවරදාටත් වඩා මෙවර ප්‍රදර්ශනය සුවිශේෂීය. ලෝකයම මාස ගණනාවක් වසංගත රෝගල නගර වසා තිබූ තත්වයක් හමුවේ මෙවර ඉමිහිරි අත්දැකීම් විශාල වශයෙන් පොත්පත් ප්‍රකාශන ද දක්නට ලැබෙනු ඇත.
මාස ගණනාවක් මිනිසුන් ලද විවේකය පාඨකයින් ලද විවේකය නිසා ග්‍රන්ථකරණයේ නියැලූන ප්‍රමාණය ඉහල ගොස් ඇති අතර පාඨකයන්ද තමන් සතුව තිබූ සියලූ පොත් කියවා අවසන් කළ වකවානුව මෙවර පොත් වසන්තය පැවැත්වෙන්නේ.
පාඨක ඉල්ලීම අභියෝගයක් වන තරමටම මෙවර පොත් ප්‍රදර්ශනයේ පාඨකයන් ඇදී එතැයි සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ. එබැවින් වට්ටම් සහිත පොත් පත් ලබාදීමට ප්‍රකාශන ආයතන සැලසුම් කරමින් සිටී. එසේම අන් කවරදාක මෙවැනි පොත් ප්‍රදර්ශනවලට පය නොතැබූ පුද්ගලයන්ද මෙවර පොත් ප්‍රදර්ශනයට පැමිණෙතැයි අපේක්ෂා කරනුයේ මාස ගණනාවක් මිනිසුන් නිවසේ සිරවී සිටි කාලයේ තිබූ පීඩනය නිදහස් කර ගැනීමටත්, දරුවන් සමගින් සාහිත්‍ය අසිරියක් විදගැනීමටත් උනන්දු වන බවත් පෙනී ගොස් ඇති හෙයින්ය.
එසේම කාර්යබහුල ජීවන රටාවෙන් මිදී අගනගරයෙන් දුර බැහැර සිටින අයගේ වෙනත් ප්‍රදර්ශනය නැරඹීමට ඇති සූදානම පිළිබද කියවන්නට යොමු වූයේ සාමාන්‍යයෙන් බොහෝ විට සිදුවන්නේ පොත් වසන්තය මිනිසුන් සූදුකෙලියක් කරගෙන අවසන් කර දැමීමටත් නිසාය.මෙවන් වටපිටාවක් තුල පොත් ප්‍රදර්ශනයට යන ඔබ මතක තබා ගත යුතු කරුණ වගේම පොත් කිවවිිමෙන් ඔබට ලැබෙන දේ ගැනද අවබෝධයෙන් යුතුව පොත් ප්‍රදර්ශනයට සහභාගිවීම වැදගත්
සෑම නිවසකම කුඩා පුස්තකාලයක් තිබිය යුතුය. ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් අනුව පොත්පත් සමග වැඩෙන දරුවා සුවිශේෂි දරුවෙක් ලෙස විභාගවලට මෙන්ම සමාජයට මුහුණ දෙයි.
පොත් කියවිමෙන් මානසික රෝග මානසික පීඩනය අවම වන අතර දරුවන්ගේ බුද්ධිය වර්ධනයට බලපායි.
තාක්ෂණයෙන් පිරුණු වටපිටාවක හැදෙන දරුවන් සමාජ ජාලවලට ඇබ්බැහි වීම වලකා සිතේ සමය වැඩි කරනල අවධානය යොමු කිරිම වැඩි කරන දරුවන් පිරිසක් කියවිමෙන් බිහිවේ.
දරුවා මැදිකරගෙන ගොඩැගෙන සමාජයක් බිහිවන අතර පොත පත කියවීම තුලින් දරුවන්ගේ නිර්මාණ ශිලිත්වය ඉහල යයි.
එවන් වට පිටාවක් තුල දෙමාපියන්ල තරුණ තරුණියන් මෙවර පොත් සල්පිලට සහභාගි වන විට මේ ගැනත් සැලකිලක් වන්නේ නම් ජාත්‍යන්තරව පවත් වන පොත් වසන්තයේ අග්‍රඵලය නෙලා ගත හැකි වනු ඇත.
මෙවර සෞඛ්‍ය නීති රිති අනුව පොත් ප්‍රදර්ශනය පැවත්වෙන බැවින් ඔබගේන් අන් අයගෙන් ආරක්ෂාව වෙනුවෙන් රජයේ ද සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න. ඒ සදහා කාර්ය මණ්ඩලයට සහයෝගය ලබා දෙන්න.
පොත් සල්පිලට යාමට පෙර ඔබට අවශ්‍ය පොත් වල දළ ලැයිස්තුවක් සාදාගන්න.
ඔබ සතු මුදල් ප්‍රමාණය, අනුව අත්‍යාවශ්‍යම ආකාරයට ලැයිස්තුගත කර ගැනීම මගින් කාලයද මුදල්ද ඉතිරිවේ.
ප්‍රකාශන ආයතනය, වට්ටම්, ත්‍යාග හා ප්රතිලාභ ගැන අවබෝධයක් ලබා ගන්න.
හැකි සෑම විට උදෑසනම පොත් ප්‍රදර්ශනය භූමියට යාමට උත්සාහ කරන්න. සංවර සැහැල්ලූ ඇදුමකින් සැරසී, ගමන් මල්ලක්, වතුර බෝතලයක් කෙටි ආහාරයක් රැගෙන යාමෙන් ඔබේ මුදල් මෙන්ම පරිසරයද ආරක්ෂා වන අතර, පොදුවේ භාවිතයට ඇති ජල කරාම අතර තදබදය අවම වි සම්පත් භාවිතයද අවම වේ.
සියලූ පොත් ප්‍රදර්ශන කුටි එක් දිනකදී ආවරණ කිරීමට යාමෙන් සිදුවන්නේ තදබදය හා අවිවේකී බව නිසා අත්‍යාවශ්‍ය ප්‍රකාශන මග හැරී යාමයි. එබැවින් ප්‍රකාශන ආශ්රිත පිවිසුම් දොරටුවෙන් ලබා දෙන අත් පත්‍රිකා අනුව කටයුතු කිරිමෙන් ඇවිදීමේ කාලය අඩු කර ගත හැකිය.
ප්‍රදර්ශන භූමියේ විවිධ වෙළද ප්‍රවර්ධන වැඩසටහන් කෑම අලෙවිසැල්ල දිනුම් ඇදීම් කි‍්‍රයාත්මක වන අතර ඒවාට සහභාගී වී ත්‍යාග දිනාගන්නට හැකිය. නමුත් අනවශ්‍ය ලෙස ඒවාට කදාලය නැමැති නොකල යුතුය.
ඔබ මිලදී ගන්නේ පොත් එහි ප්‍රකාශයන්ගෙන්ම මිලදී ගන්නට සැලසුම් කල යුතු අතර සමහර ප්‍රකාශන කුටි වල 30-80 දක්වද වට්ටම් දෙන කුටිද පිහිටා ඇත. ඒවාද අවබෝධයෙන් සොයා බලන්න.
එසේම පොත් සංගම් සමාජ ජාල හිත වතුන් වට්ටම් සහතික පත් වැනි දෑද සමග ඔබ ප්‍රදර්ශන භූමියට ඇතුලූ වීමෙන් පොත් මිලදී ගැනිම ඔබ තුල මුදල් අතිරික්තයක් පතිනු ඇත.
ප්‍රදර්ශන භූමියේ සුවිශේෂි අවස්ථා සිදුවන අතරල රසවින්දන වැඩ සටහන්ල පොත් දොරට වැඩුම්ල තරගල වැඩමුඑල චිත්‍රපටල සංස්කෘතික විශේෂාංග ආදියද නරඹා මහන්සිය නිවා ගෙන තම නිවස කරා පැමිණිය හැකිය. දුම්රිය ස්ථානයල බස් නැවතුම් පොල වෙත යාමට විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇත. ඒවා ගැනද අවබෝධයෙන් සිටින්න.
ඔබ ප්‍රදර්ශණ භූමියට යන විට අත්‍යවශ්‍ය සියඑම වර්ග තිබේනම් ඒවාද රැගෙන යන්න. පැරසිටමෝල්ල වේදනා නාශකල හිසෙ කැක්කුමට ආලේපන ආදිය ඒ සදහා රැගෙන යා හැකිය. ජලය සෑම තැනකම නොමිලයේ තිබේ.
පොලිතින් මලූ රැගෙන යාමෙන් වලකින අතරම ප්‍රදර්ශන කුටි වලින්ද අනවශ්‍ය ලෙස පොලිතින් මලූ ලබා ගැනිමට උනන්දු නොවිය යුතුය. එය ඔබ පොලිතින් වලියක් නොව ප්‍රදර්ශනයකට අතහිත දීමක්ය.
ඔබ පොත් ප්‍රදර්ශනයට යන්නේ අන් අය අතර කැපී පෙනෙන්ටවත් තම ඇදුම් විලාසිත ප්‍රදර්ශනයටත් නොවේ. අන් අයට කරදරයක් නොවන ආකාරයටත් සියලූ දෙනාගේ ගෞරවය අයුරින් හැසිරිමට වගබලා ගත යුතුය. පසේම ඔබගේ මුදල් ආරක්ෂාවල පිලිබදවද සැලකිලිමත් වීම ඔබගේ වගකිම වේ.
ඉතින් 2020 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාර්ථක කර ගැනිමට ඔබ සැමගේ සහයෝගය සංවිධායක මණ්ඩලයට ලබා දෙන්න. වෙනදාට වඩා අවබෝධයෙන් පොත් සැනකෙලියට සහභාගී වී ඔබගේ දැනුම අවබෝධය වැඩි කරගන්න මෙන් අප ඔබව දැනුවත් කරනවා. ජාත්යන්තරපොත් ප්‍රදර්ශනයට සුබ පතමි.
තිලක් කේ රත්නායක

