වත්තට එන සතුන් ගනින්න විශේෂ දත්ත පත්‍රිකාවක්

ලබන මාර්තු 15වනදා පැවැත්වෙන සත්ව සංගණනය සඳහා ජනතාව වෙත ලබා දෙන දත්ත පත්‍රිකාව මේ වන විට ග්‍රාම නිලධාරීන් හරහා බෙදා හැරීම් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව ඉදිරියේදී ග්‍රාම නිලධාරීන් විසින් රටපුරා සියළුම නිවෙස්වෙත මෙම දත්ත පත්‍රිකාව ලබාදෙනු ඇත.

මෙම සත්ව සංගණනය ලබන මාර්තු 15වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

රිලවා, වඳුරා, දඬුලේනා සහ මොනරා යන සතුන් කේන්ද්‍රකර ගනිමින් මෙම සංගණනය කිරීමට නියමිතයි.