රුසියානු අගනුවරට විශාල ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්රේන හමුදා විසින් රුසියාවේ අගනුවර වන මොස්කව් ඉලක්ක කර ගනිමින් විශාල ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.

යුක්රේනයේ පූර්ණ පරිමාණ යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියානු අගනුවරට එල්ල වූ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය ලෙස මෙය සැලකිය හැකි වනවා.

මෙම ප්‍රහාරයෙන් අවුරුදු 38, 43 සහ 50 වියේ පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

එසේම ළමුන් තිදෙනෙකු ඇතුළු තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇත.

මේ අතර රුසියාවට ඉහළින් ඩ්‍රෝන යානා 337 ක් හඳුනා ගත් බවත් ඉන් 91 ක් මොස්කව් කලාපයට ඉහළින් වෙඩි තබා බිම හෙළූ බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් මොස්කව් ගුවන් තොටුපළවල ගුවන් ගමන් සීමා කෙරුණු අතර එක් දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර තිබෙනවා.