සති 03ක කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
උන් වහන්සේට ලබාදෙන ප්රතිකාරවලින් මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි වතිකානය නිවේදනය කරන්නේ.
එසේම පාප් වහන්සේට පසුගිය සතියේ පැවති උග්‍ර ශ්වසන අපහසුතාව ද යම්තාක් සුව අතට හැරෙමින් පවතින බව ද වතිකාන වාර්තාවල සඳහන්.
කෙසේ වෙතත් පාප් වහන්සේගේ ශ්වසන අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැති බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

