ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (ICC Champions Trophy) අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදි පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වනවා.
තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.
1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.
නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර ඇත.

