පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන තරඟාවලියේ දී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය තිබෙනවා.
උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ 1930 වසරේදී ආරම්භ වූ පාපන්දු ලෝක කුසලානයට, 2030 වසර වන විට වසර 100ක් සම්පූර්ණ වනවා.
2030 වසරේ පාපන්දු ලෝක කුසලානය, අප්‍රිකානු රටක්වන මොරොක්කෝව සහ යුරෝපීය රටවල් වන ස්පාඤ්ඤය හා පෘතුගාලයේ සමසත්කාරකත්වය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එලෙස මහාද්වීප දෙකකින් රටවල් තුනක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාවද එයවනු ඇත.
සියවන සංවත්සරය සැමරීම සඳහා ආර්ජන්ටිනාව, පැරගුවේ සහ උරුගුවේද තරග 3ක් පැවැත්වීමට ලෝක පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබේ.
2026 පාපන්දු ලෝක කුසලානයද අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, එම තරගාවලියේදීද ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා ඉහළදමා ඇත.

