වසර 7 කට පසුව කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමේ තීරණයක්

වසර 7 කට පසුව කළමනාකරණ නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බන්ඩාර මහතා සඳහන් කළේ ඒ සඳහා මැයි මාසයේ ඒ සඳහා විවෘත තරග විභාගයක් පැවැත්වෙන බවයි.

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගයට ඉදිරිපත් කළ අයැදුම්පත් අනුව විභාගය පැවැත්වෙනු ඇති.

ඒ සඳහා අයදුම්පත් එක් ලක්ෂ 30000 කට අධික සංඛ්‍යාවක් යොමු කර ඇති අතර විභාගයේ ප්‍රතිඵල මත 2200 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිතයි.

මේ වනවි කළමණාකරණ නිලධාරි පුරප්පාඩු 4000 කට අධික සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

අවසන් වරට කළමණාකරණ නිලධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනුණේ 2018 වසරේදී ය.