2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු මාර්තු 08 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
ඒ අනුව එම ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 75කදී පැවත්වීමට නියමිතයි.
එමෙන්ම විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍රයෙහි ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති අතර, කිසිඳු හේතුවක් මත මෙම දිනය හා ස්ථානය වෙනස් නොකරන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
එම නිවේදනය පහතින්,


