ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා .
ඒ අනුව එම සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කර තිබුණි.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද පසුගිය ජනවාරියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයක් සම්බන්ධයෙන් නිවේදනය කළ නමුත් එහි නිශ්චිත කාල වකවානුවක් දැක්වූයේ නැහැ.

