ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට පිළිකා රෝගයට ගොදුරුව සිටි ඇය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වෙන්නේ.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වුණා.

එසේම ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත.

–