IMF සිව්වන වාරිකයත් ලංකාවට හිමිවෙයි

මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 334ක සිව්වන ණය වාරිකය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම වාරිකයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.34ක් ලෙස ඉහළ යනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 කට ආසන්න ණය ප්‍රමාණයක් ලබා දීමට නියමිතයි.

මේ අතර විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.