ඔයාට හරියනම ෆේස් වොෂ් එක තෝරා ගන්න tips

හරියන ෆේස් වොෂ් එකක් තෝරා ගන්නවා කියන එක කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම තියෙන ලොකු ප්‍රශ්නයක්.

ඔයාගේ මුහුණට හරියන ෆේස් වොෂ් එකක් නෙමෙයි නම් ඔයා පාවිච්චි කරන්නේ එකෙන් මුහුණේ තියෙන විවිධ ගැටළු තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා දැනට භාවිතා කරන ෆේස් වොෂ් එක ඔයාට හරියටම ගැලපෙනවා ද කියලාත් ඔයාට දැන් හිතෙනවා ඇති.

ඒ නිසා අනිවාර්යයෙන් මේ ලිපිය ඉවර වෙනකම්ම කියවන්න.

අපි ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ ඒකෙන් අපේ මුහුණ හොඳින් පිරිසුදු කර වෙන නිසා. ඇඟේ ගාන සබන් වගේ දෙයක් මුහුනටත් භාවිතා කිරීම හරහා මුහුණ වේලෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක්ම සුදුසු වෙනවා ෆේස් වොෂ් එකක් හරි cleanser එකක් හරි පාවිච්චි කිරීම.

ඔයා teenager කෙනෙක් නම් වගේ ඔයාට තියෙන්නේ තවම සියුම් සමක් නිසාත්, මේකප් වගේ දේවල් වැඩිය පාවිච්චි වෙන්නේ නැති නිසාත් ඔයාට ෆේස් වොෂ් එකක් හොඳටම ප්‍රමාණවත් වෙනවා.

cleanser එකක් කියන්නේ ෆේස් වොෂ් එකකට වඩා හොඳින් අපේ මුහුණ පිරිසිදු කරන දෙයක්. ගොඩක් වෙලාවට mature skin එකක් තියෙන කෙනෙක්ට මේක හොඳයි.

ඔයා ෆේස් වොෂ් එකක් ගත්තත් cleanser එකක් ගත්තත් අනිවාර්යයෙන් ඔයාගේ මුහුණේ තියෙන සම මොන වගේ ද කියලා දැන ගෙන ඒ අනුව ගන්න ඕනි.

මේ පහළ තියෙන සටහන අනුව ඔයාට ඔයාගේ skin type එක මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.

දැන් නම් ගොඩක් ෆේස් වොෂ් all skin types වලට තියෙනවා. එහෙම එකක් නම් ඕනි සමක් තියෙන කෙනෙක් use කළාට ගැටළුවක් වෙන්නේ නැහැ.

ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් salicylic acid, niacinamide, හෝ charcoal වගේ අමුද්‍රව්‍ය තියෙන ෆේස් වොෂ් එකක් භාවිතා කරන එක සුදුසු වෙනවා. මොකද නිතරම සමේ තෙල් තියෙන නිසා තෙල් සහිත සමක් කියන්නේ ගොඩක් හොඳින් පිරිසිදු කරන්න ඕනි එකක්. එහෙම නැති වුණොත් pimples වගේ දේවල් එන්න බලනවා.

ඒ වගේම ඔයාට තියෙන්නේ වියලි සමක් නම් ඔයා තෙතමනය තියෙන creamy ගතියකින් යුතු ෆේස් වොෂ් එකක් තමයි තෝරා ගන්න ඕනි. hyaluronic acid, glycerin වගේ දේවල් අන්තර්ගත ෆේස් වොෂ් එකකින් ඔයාගේ සමේ තෙතමනය හොඳින් පවත්වා ගෙන යන්න උදව් කරනවා.

ඒ වගේම තමයි foaming cleanser නම් මේ වියලි සමක් තියෙන අයට එච්චරම හොඳ නැහැ. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් ඒ වගේ cleanser එකක් ඉතාම හොඳයි.

ඔයාට තියෙන්නේ සංවේදී සමක් නම්, වැඩි අමුද්‍රව්‍ය ගොඩක් නැති, සුවඳ නැති, mild ෆේස් වොෂ් එකක් තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ. aloe vera, chamomile, Centella Asiatica වගේ හොඳ calming අමුද්‍රව්‍ය තියෙන ෆේස් වොෂ් ඔයාට සුදුසු වෙනවා.

ෆේස් වොෂ් එකක් හෝ cleanser එකක් ගන්නකොට එකේ sulfates සහ alcohol තියෙනවද කියලා හොඳින් බලන්න. sulfates ගොඩක් ඒවාගේ පෙනකාරකයක් විදිහට යොදා ගන්නවා වුණත් මේක අපේ සමට ගොඩක් සැර අමුද්‍රව්‍යයක්. alcohol වලින් අපේ සම වේලෙන්න පුළුවන්.

වැඩි රසායනික ද්‍රව්‍ය නැති ෆේස් වොෂ් එකක් හෝ cleanser එකක් භාවිතා කරන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.

මොන ෆේස් වොෂ් එකක් හෝ cleanser එකක් ගත්තත් අනිවාර්යයෙන් patch test එකක් කරලා බලන්න. මොකද අපේ සමට ඒ දේ හරියටම හරියනව ද කියලා බලන්න ගන්න ඕනේ නේ. ඔයාට පුළුවන් ඔයාගේ අත් සහ jawline එක හරියේ මේ product එක ඉස්සෙල්ලම පාවිච්චි කරලා බලන්න. එහෙම කරලා මොකුත් ආසාත්මිකතාවයක් ඇති වුණේ නැත්නම් මුහුණට පාවිච්චි කරන්න පුළුවන්.

එහෙනම් ඔන්න අනිවාර්යයෙන් මේ දේවල් ටික මතක තියා ගන්න !