ජනවාරි මාසයේ පමණක් අලි මරණ 43ක්

ජනවාරි මාසයේදී වන අලි 43 දෙනෙකු මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගොනු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා ගත යුතු සියළු පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.