අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දෙන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට අමතවර තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට නියමිතයි.
ඉතා ධනවත් විදේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් මෙම ගෝල්ඩ් කාඩ් ක්‍රමය ක්‍රියාත්මක වනවා.
ඒ හරහා ඔවුන්ට ඇමරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ලබා දෙනු ලබනවා.
ඉදිරි සති දෙක ඇතුළත මෙම ගෝල්ඩ් කාඩ් විකිණීම ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ.

