විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළට

පවතින අධික වියලි කාලගුණයත් සමග විදුලි නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා .

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලසේන මහතා සඳහන් කළේ, මේ දිනවල තාප බලාගාර හා දැවිතෙල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.

නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය මෙගාවොට් 900ක උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව කැලණිතිස්ස නැප්තා බලාගාරය හා සපුගස්කන්ද දැවි තෙල් බලාගාරය ද  මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ජල විදුලි බලාගාර දිවා කාලයේ සමස්ත විදුලි ජනනයෙන් 20% ක් ලෙසත් රාත්‍රී කාලයේ 40% ත් ලෙසත් මේ දිනවල ක්‍රියාත්මක වනවා.

එසේම සූර්ය බලාගාරවලින් දිවා කාලයේ විදුලි ජනනයට වැඩි අවස්ථාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.