අපගේ සෞරග්රහ මණ්ඩලයට අයත් ග්රහලෝක හතක එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවය.
පෘථිවිය හැර සෞරග්රහ මණ්ඩලයට අයත් සියලු ග්රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි වනවා.

