අද සිට ගිනි පාලන සතියක්

පවතින වියළි කාළගුණ තත්ත්වයක් සමග කැළෑ ගිනි ඇතිවීම් වැළැක්වීම හා පාලනය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීම සඳහා ගිනිනි පාලන සතියක් අද (24) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මාර්තු දෙවන දින දක්වා එම සතිය ක්‍රියාත්මක බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයක් සමග මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කැළෑ ගිනි ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව තිබෙනවා.

මේ අතර වනාන්තර ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ කාර්යය භාරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වූව ද කැළෑ ගිනි ඇතිවීම වැලැක්වීම හා පාලනය කිරීම දෙපාර්තමේන්තුව සතු සීමිත මානව සම්පත මගින් සිදුකළ නොහැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.