කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ සහ නාගොඩ යන ප්‍රදේශවලට එම ජල කප්පාදුව බලාත්මකයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙළෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.

