වීසා නොමැතිව මෙරට රැඳී සිටි කාන්තාවක් සහ දැරියක් අත්අඩංගුවට

විදේශීය කාන්තාවක් සහ දැරියක් ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසියට ලද තොරතුරකට අනුව වීසා නොමැතිව මෙරට රැඳී සිටි එම කාන්තාව සහ දැරිය අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය සහ දැරිය වයස අවුරුදු 29 හා 10 යන වයස්වල පසුවන මැඩගස්කර ජාතිකයින් බව පොලීසිය පවසයි.

ඔවුන් අද (09) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.