තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද (22) කන්කසන්තුරේ වරායට ළඟා වුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටියේ නාගපට්නම් වරායෙන් පිටත් වූ මෙම බෝට්ටුවේ මගීන් 83 දෙනෙකු සිටි බවයි.
මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වනවා.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කරනු ලැබුවා.

