කොවිඩ්-19 වසංගතයට සමානව මිනිසුන් අතර පැතිරීමේ හැකියාවක් ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වෙනවා.
ෂි ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සහ නිව්ස්වීක් වෛරස් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම වෛරසය අනාවරණය කරගෙන තිබෙනවා.
HKU5-CoV-2 නම් කළ මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුලන්ගෙන් සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව ප්රභේධයක් බව සඳහන්.
merbecovirus යන වෛරස උපකුලකයට අයත් වන මෙම වෛරසයට මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බවයි රසානාගාර පරීක්ෂණවලින් හෙළව ඇත්තේ.
මිනිසුන් තුළ තවමත් HKU5-CoV-2 ඇති බවට තහවුරු වූ අවස්ථා නොමැති බවයි වාර්තා වෙන්නේ.
නමුත් වෛරසයේ සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවයි පර්ශේෂකයින් පෙන්වා දෙන්නේ.

