මහා ශිවරාත්‍රිය වෙනුවෙන් උතුරු පළාත් පාසල් වලට විශේෂ නිවාඩුවක්

මහා ශිවරාත්‍රිය හේතුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (27වනදා) දිනයේදී උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා දැනුම් දෙනවා.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළැඹෙන පෙබරවාරි 26වනදාට යෙදී තිබීම හේතුවෙනුයි ඊට පසු දින මෙම නිවාඩුව ලබා දී ඇත්තේ.

එදින වෙනුවට මාර්තු මස 1වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට නියමිතව තිබෙනවා.